Friday, July 18, 2025
Follow Us
ප්ලාස්ටික් සහ පොලිතින් වල මිල ඉහළට

පොලිතින් නිෂ්පාදන කම්හල් 150ක් වැසෙයි


පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන කටයුතු සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් එම නිෂ්පාදන කර්මාන්තශාලා 150ක් පමණ වැසී ගොස් ඇතැයි පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීයකරන්නන්ගේ සංගමය පවසයි.

මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් ප්ලාස්ටික්, පොලිතින් නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නා පොලිතින් ඇට කිලෝවක් රුපියල් 500ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා ප්ලාස්ටික් භාණ්ඩ සහ පොලිතින් බෑග්වල මිල සියයට 50කින් ඉහළ ගොස් ඇති බවත් පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීයකරන්නන්ගේ සංගමයේ ලේකම් අනුර හේරත් කීවේය.

රුපියල් 60කට අලෙවි කරන පොලිතින් බෑගය රුපියල් 170ක් දක්වා වැඩිවී ඇතැයිද ඔහු පැවසුවේය.

(Aruna)