Friday, July 18, 2025
Follow Us
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ


පවතින අධික වර්ෂාවත් සමඟ කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනුව කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් සහ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් මෙලෙස විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන බලාගාරවල විදුලි උත්පාදනය ද මේ වනවිට උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි වාර්තා වන්නේ.

(Aruna)