Friday, July 18, 2025
Follow Us
දෛනික ආසාදිතයින් 600 ඉක්මවයි

ජනතාව වගකීමෙන් කටයුතු නොකලොත් සීමා පනවන්න වෙයි


දින 20කට පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව හයසියයේ (600) සීමාව පසුකර ඇත.ඒ අනුව ඊයේ (07 වැනිදා) දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 457ක් වන අතර පෙරේදා (06) දිනයේදී වාර්තාවු දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 617ක්.

පළමු වරට පසුගිය සිකුරාදා (05 ) හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 628ක් ලෙස දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය විසිහත් වැනිදා ආසාදිතයන් පන්සිය පනස් නවයක්, විසිනව වැනිදා ආසාදිතයන් 540ක්, තිස්වැනිදා ආසාදිතයන් 565 ක්, තිස්එක්වැනිදා ආසාදිතයන් 542ක්, නොවැම්බර් පළමු වැනිදා ආසාදිතයන් 566ක්, දෙවැනිදා ආසාදිතයන් 573ක්, තුන්වැනිදා 581 ක්, හතරවැනිදා 592 ක්,පස්වැනිදා 682 ක් ලෙස වාර්තා විය.

ජනතාව වගකීමෙන් තොරව හැසිරීම හේතුවෙන් මෙලෙස කොවිඩ් අසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගියහොත් සීමාපැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි

උත්සව, සාද මංගල අවස්ථාවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන බවට පැමිණිලි ලැබී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

(Aruna)