Friday, July 18, 2025
Follow Us
පුද්ගලික බස් භූමිතෙල්වලින් ධාවනයේ වර්ධනයක් - බස් සංගම් පිළිගනී

ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කර පුද්ගලික බස් රථ ධාවනය වැඩිවී ඇති බව නෙත් නිවුස් කළ සොයාබැලීමකදී අනාවරණ වුණා. බොහෝවිට කෙටි දුර ධාවනය වන බස් රථ මෙන්ම ඇතැම් දුර ගමන් සේවා බස්රථවලද ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගන්නා බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණේ.

ඇතැම් දුරගමන් සේවා පුද්ගලික බස් රථ රියදුරන් අතරමගදී ඩීසල් ටැංකියට භූමිතෙල් යොදන ආකාරය බස් මගීන් ද දැක තිබෙනවා. බොහෝ පුද්ගලික බස් රථ ධාවනයේදී ඉන් පිටවන දුමාරය පෙරට වඩා වෙනස් ගන්ධයකින් යුතු බවයි බොහෝ දෙනෙකු පවසන්නේ. එමගින් පරිසරයට සිදුවන අහිතකර බලපෑමද සැලකිල්ලට ලක් කළ යුතු කරුණක්.

මේ අතර ගෑස් මිල ඉහළ යාමත් සමග බොහෝ පිරිසක් භූමිතෙල් ලිප් භාවිතයට ද යොමු වුණා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල භූමිතෙල් හිගයක් ද ඉකුත් දින කිහිපයම දක්නට ලැබුණු අතර භූමිතෙල් ලබාගැනීම සඳහා ජනතාව පෝළිම්වල රැඳී සිටින ආකාරය ද දක්නට ලැබුණා.

(Neth)