මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගෑස් හිඟයක් ඇති වී තිබෙනවා. ඉකුත් ඉරිදා දිනයේ සිට ගෑස් තොග මෙරටට නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහල දැමීමටත්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 240 දක්වා ඉහල දැමීමටත් රජයේ අවධානය යොමුව ඇතැයි මුදල්
මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් තිදෙනා සම්බන්ධයෙන් මේ දක්වා තමන් වෙත කිසිදු තොරතුරක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා. ඔහු සඳහන් කළේ එලෙස වාර්තා වූ එක් ආසාදිතයෙකු ඉන්දියාවේ සිට පැමිණි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අතර ඊයේ පැවැති සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.
තවදුරටත් වෙළඳපොළේ සිමෙන්ති හිඟයක් පවතින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
කෙරවලපිටිය යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගය ලබන ජනවාරි 10 වනදා දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
යුගදනවි බලාගාරය අයත් සමාගමේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට විකිණීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා ඊයේ (16) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Page 315 of 745