මේ වන විට තේ කර්මාන්තය අර්බුදයකට ලක්ව ඇති හෙයින් තේ පොහොර සඳහා සහනාධාර ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි. වර්ෂාව හේතුවෙන් ඊයේ තරඟය අතරමග නතර කිරීමට සිදුවුණා. ඒවන විට පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 224 ක් රැස්කරගෙන සිටියා.
තමන් කටයුතු කළේ පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත බවත්, ඒ නිසා තමන් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිවිරෝධී නොවන බවත් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ. ඒ. සුමිත් මහතා පවසනවා. නීතිවිරෝධී දෙයක් සිදු නොකළ නිසා තමාගේ තනතුරට කිසිදු ගැටලුවක් නොමැති බැවින් ධුරය අත්හැර ගෙදර යාමේ අවශ්‍යතාවයක්ද නොමැති බවයි ඔහු පවසන්නේ.
ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ අරමුදල් දායකත්වයෙන් හා ශ‍්‍රී ලංකාවේ මෙතෙක් භාවිත කර ඇති නවීනතම තාක්ෂණයෙන් යුක්තව තනා නිම කරන ලද නව කැලණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හෙට (24දා) විවෘත වේ.
වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් වෙනවා. දෙසැම්බර් 08 වැනිදා දහවල් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
Page 315 of 732