Tuesday, July 08, 2025
Follow Us
පැය 4න් උඩමළුවට ගිය ගමනට පැය 15 ක් යයි

සිරිපා වන්දනාවට යන ජනතාවට පණිවිඩයක්


මෙම දිනවල සති අන්තයේ සිරිපා වන්දනාවට මගීන් රැගෙන පැමිණෙන රථ වාහන හේතුවෙන් නල්ලතන්නිය – මස්කෙළිය මාර්ගයේ කිලෝ මීටර් 05ක් පමණ දුරට දැඩි රථවාහන තදබදයක් පවතින බව නල්ලතන්නිය පොලිසියේ රථවාහන අංශය සඳහන් කරයි.

දහවල් කාලය වනවිට වන්දනාකරුවන් සඳහා වෙන් කර ඇති නල්ලතන්නියේ ප්‍රධාන බස් රථ ගාල් තුනම පිරී අවසන් වන එහෙයින් මාර්ගය අයිනේ මස්කෙළිය සුමන සමන් දේවාලය ආසන්නයට වන තෙක් කිලෝමීටර් 03ක් පමණ දුරට බස් රථ නවතා පාගමනින් සිරිපා කරුණා කරන්නට වන්දනාකරුවන්ට සිදුවන බවද පොලිසිය සඳහන් කරයි.

(Aruna)