Monday, February 23, 2026
Follow Us
වැඩි මිලට සිමෙන්ති විකිණූ සියයක් අත්අඩංගුවට

වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ වෙළඳුන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන මේවනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරියේදී නිළධාරීන් වැඩි පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළඳුන්ගේ අලෙවි නියෝජිතභාවය අහෝසි කරන ලෙස අදාළ සිමෙන්ති සමාගම් වෙත උපදෙස් ලබාදී ඇති බවද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා.

(Neth)