තරුණියගේ ක්‍රෙඩිට් කාඩ්පතත් අස්ථානගත වෙලා
ජර්මන් ජාතික 32 හැවිරිදි තරුණියක් කොල්ලුපිටිය හෝටලයක් තුළදී මත්කර දූෂණයට ලක් කළ බව කියන 28 හැවිරිදි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 32 හැවිරිදි ජර්මන් ජාතික තරුණිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ඇති අතර වෛද්‍ය වාර්තා ලැබීමට නියමිතය. සැකකාර ව්‍යාපාරිකයා වසර හයක පමණ කාලයක සිට ජර්මන් ජාතික තරුණියගේ මිතුරෙක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජර්මන් ජාතික තරුණියගේ පියා ලාංකිකයකු වන හිටපු නාවික නිලධාරියෙක් බවත් මව ජර්මන් ජාතික කාන්තාවක් බවත් පොලිසිය කියයි. ඉකුත් දෙසැම්බර් 18 වැනි දින මෙරටට පැමිණ තිබූ ජර්මන් ජාතික තරුණිය තංගල්ල ප්‍රදේශයේ ඥාති නිවසක නැවතී සිට අනතුරුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇත. සැකකාර ව්‍යාපාරිකයා සමග ඇය නුවර ප්‍රදේශයේ හෝටලයක සති දෙකක කාලයක් පමණ නවාතැන් ගෙන සිට ඇතැයි ද පොලිසිය කියයි.
පසුගිය 6 වැනි දින මෙරටින් පිටව යාමට නියමිතව සිටි තරුණිය ව්‍යාපාරිකයා සමග ඉකුත් 4 වැනි දින කොල්ලුපිටියේ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ එදින රාත්‍රී සමාජ ශාලාවකට දෙදෙනා සමගම ගොස් ඇති අතර පසු දින අලුයම 4 වන තෙක් එහි රැඳී සිට තරුණිය සහ තරුණයා මත්පැන් පානය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තරුණියගේ ක්‍රෙඩිට් කාඩ්පත එහිදී අස්ථානගත වී ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා එතරම් ගණන් නොගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වී අනතුරුව තරුණිය පමණක් ත්‍රිරෝද රථයකින් නැවතී සිටි කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලය වෙත පැමිණ ඇත.
එම හෝටලයේ සිටින අතර වාරයේදී හෝ වොඩ්කා පානය කරන අවස්ථාවේදී තමන්ට මත් වීමට යම් පානයක් ලබාදී දූෂණය කර ඇති බවත් ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
තමන් නින්දෙන් අවදි වන විට යට ඇඳුම පමණක් තිබූ බවත් අනෙක් ඇඳුම් නාන කාමරය තුළ තිබූ බවත් එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.
(Aruna)