Police said yesterday that they will launch special operations in the Western Province from today to inspect those violating health guidelines to prevent the spread of Covid-19.
මහජනතාවට ලබාදෙන බත් පැකට්ටුවෙන් කැරට්, ලීක්ස්, ගෝවා වැනි එළවළු රැසක් මේ වනවිට ඉවත් කිරීමට සිදුව ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් නෙත් නිවුස් වෙත කියාසිටියේ අද සිට බත් පැකට්ටුවක මිල ඉහළ දැමුවේද එළවළු මිල හේතුවෙන් බවයි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ චෝදනා අද (22) දින කොළඹ මහාධිකරණය ඉදිරියේ කියවීම සිදුකර තිබේ.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කෙරෙන කොරෝනා සහ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා.
අත්හිටුවා තිබූ කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවන කටයුතු අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වයෙන් රඹුක්කන සිට බලන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවනය ඉකුත් දා තාවකාලිකව අත්හිටවූ බවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් සිදුකර තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වී ඇති අධිචෝදනා අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී කියවා දෙනු ලැබීය. කෙසේ නමුත් හිටපු පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ මෙම සියලු චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බවයි.
ආචාර්ය සිරිල් ගාමිණි පියතුමාට අද(22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
ආපන ශාලාවල අලෙවි කරන ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල යළිත් ඉහළ දැමීමට සිදුව ඇති බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. මේ දිනවල එළවලු, සීනි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ ගොස් තිබීම ඊට හේතුවයි.
කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ නාට්ටාමිවරුන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙරටින් හමුවූ කොරෝනා ඩෙල්ටා උප ප්‍රභේදය පාසැල් ළමුන් සහ තරුණ ප්‍රජාව අතර පැතිරීම සුලභව දැකිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
Page 316 of 732