Monday, February 23, 2026
Follow Us
පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු මරුට

වත්තේගම කම්පාකල සිද්ධිය


වත්තේගම මඩවල ප්‍රදේශයේදී නිවසක් පිටුපස පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි.

අප වාර්තාකරු පැවසුවේ එම නිවස පිටුපස ඉදිකිරීම් කටයුත්තක් සඳහා බේස් වළක් කපමින් සිටින විට ඒ ආසන්නයේ තිබූ අඩි 12ක් පමණ උසැති පස් කන්දක් එම ස්ථානයේ සිටි සේවකයින් සිව්දෙනෙකු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

(Aruna)