Tuesday, July 08, 2025
Follow Us
තැපැල් කාර්යාල වැසීයෑමේ අවදානමක්

තැපෑලේ ගැටලුවට බලධාරීන්ගෙන් විසදුමක් නෑ


තැපැල් දෙපාර්තමේන්තුව තුළ තැපැල් ස්ථානාධිපතිවරු ඇතුළු තැපැල් සේවා නිලධාරීන් 1600ක හිඟයක් පැවතීමෙන් තැපැල් සේවාව පවත්වාගෙන යෑම ගැටලුවක් බව එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති.

තැපැල් දෙපාර්තමේන්තුව තුළ සමස්ත කාර්ය මණ්ඩලය 6000 කට ආසන්නව සිටිය යුතු වුවද වර්තමානයේ සිටින්නේ 4000 ක් පමණ වන බව තැපැල් සේවකයෝ පවසති.

2018 වසරේ සිට සේවකයන් බඳවාගැනීමට අනුමැතිය ඉල්ලුව ද අනුමැතිය නොලැබීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ඔවුන් සඳහන් කරති.

නිලධාරීන් 287 ක් අභ්‍යන්තරව බඳවාගැනීම සඳහා විභාගයක් පවත්වා ඇති අතර ඊට අමතරව නිලධාරීන් 695 ක් බඳවා ගැනීමට තීරණය කර තිබුණ ද මේ දක්වා අයදුම්පත් හෝ කැඳවා නොමැති බව ඔවුන් සඳහන් කරති.

මෙම හිඟයට තාවකාලික පිළියමක් ලෙස තැපැල් විශ්‍රාමික නිලධාරීන් 500 ක් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට යෝජනා කළ ද එය හෝ ක්‍රියාත්මක නොවූ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරති.

නිලධාරීන්ගේ හිඟය පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද මේ දක්වා විසඳුමක් ලැබී නොමැති බවත් නිලධාරී හිඟය හේතුවෙන් ඉදිරිය්දී ඇතැම් තැපැල් කාර්යාල වැසීයෑමේ අවදානමක් ද පවතින බවත් මේ පිළිබඳව විමසීමේ දී තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කලේය.

(Aruna)