Tuesday, July 08, 2025
Follow Us
සෞඛ්‍ය සේවකයන් දීපව්‍යාප්ත වර්ජනයක

සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් 7 මෙන්න


ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් අද (07) පෙරවරු 07 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ හෙද හෙදියන්,වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට එක්වන බව ය.

සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම, විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහළ දැමීම, ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, සියලු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය” ස්ථාපිත කිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට උද්ගතවී ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද වීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවකයන් එම දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරිමට තීරණය කර තිබේ.

නමුත් වැඩවර්ජනය සිදුකරන කාලය තුළ පිළිකා, මාතෘ හා ළමා රෝහල්, වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර කරන රෝහලේ, මධ්‍යම ලේ බැංකුව ආදී සෞඛ්‍ය ආයතන තුළ වැඩවර්ජනය සිදුනොවන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය සඳහන් කළේය.

(Aruna)