Monday, February 23, 2026
Follow Us
වගා හානි වෙනුවෙන් අක්කරයට රුපියල් ලක්ෂයක් ඉල්ලයි

වගා හානි සඳහා ගොවීන්ට අක්කරයටකට අවම රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ එවැනි වන්දි මුදලක් නොලැබෙන්නේ නම් එය දිනා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට ගොවි සංගම් සූදානම් බවයි.

ඒ අනුව මහ කන්නයේ වගා හානි වී ඇත්තේ සියයට 15 ත් 25 ත් අතර ප්‍රමාණයක් බවට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉකුත් දා සිදුකළ ප්‍රකාශය පිළිගත නොහැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)