Tuesday, July 08, 2025
Follow Us
දරුවාගේ ප්‍රාණය නැවත ලබාගැනීමට දෙමව්පියන් කරපු දේ

දරුවා මියගොස් ඇති බවට අනාවරණය වෙයි


බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ, නිවසක කාමරයක් තුළ 10 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් සිටිය දී සොයාගත් බව පොලීසිය පවසයි.

එම ප්‍රදේශය පුරා හමාගිය දුර්ගන්ධය හේතුවෙන් සැක සිතී පොලීසියට ලද පැමිණිල්ලක් මත එම නිවස පරීක්ෂා කර ඇතැයි පොලීසිය පවසයි.

අදාළ දරුවා පසුගිය 7 වන දින උගුරේ සෙම සිරවීමකින් අසනීප වී ඇති බවත් පසුව එම අසනීපය සුව කරගැනීමට දෙමාපියන් විසින් ඔවුන්ගේ ආගමට අනුව යාච්ඤා කිරීම් සිදුකර තිබෙන බව ද පොලීසිය සඳහන් කරයි.

එම යාච්ඤාව සිදුකරන අතර තුර දරුවා මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

තවදුරටත් දරුවාගේ ප්‍රාණය නැවත ලබාගැනීමට නොකඩවා දෙමාපියන් විසින් යාච්ඤා කර ඇති අතර, කිසිදු අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට කටයුතු නොමැති බව පොලීසිය පවසයි.

දරුවාගේ මියයෑම හේතුවෙන් නිවසේ සිටි මව, පියා සහ මිත්තණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහෙස්‍ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

වැඩිදුර විමර්ශන කටයුතු බඩල්ගමුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

(Aruna)