Tuesday, July 08, 2025
Follow Us
කොරෝනා වෛරසයේ ආයු කාලය අඩුවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු තුළ එම වෛරසය සක්‍රීයව පවතින්නේ දින 5 ක පමණ කාලයක් බව මේ වනවිට අනාවරණ වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

කොරෝනා ආසාදිතයින්ගේ නිරෝධායන කාලය සතියක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුව බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයකදීයි.

(Neth)