යල කන්නයේ වගා කටයුතු කර ගෙන යාමේ දී ගැටළු රැසකට මුහුණ දීමට ගොවීන්ට සිදුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ ගොවීන්ට ඉන්ධන ලබාගැනීම සඳහා හදුන්වාදී ඇති නව ක්‍රමවේදය ද ප්‍රායෝගික නොවන බවයි.
පසුගිය දින කිහිපයේදී වාර්තාවූ හදිසි අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ ජාතික රෝහලේ පුහුණු හෙද නිලධාරිණී පුෂ්පා රම්‍යානිද සොයිසා පැවසුවේ උත්සව සමයේ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට සියලු දෙනා අවධානයෙන් ක්‍රියාකළ යුතු බවයි.
ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ප්‍රමාණවත් බස් රථ යොදවා ඇති බවට ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළද ධාවනය වන බස් රථවල අඩුවක් පවතිනවා. ඊයේ දිනයේද බස් රථවල අඩුවක් පැවති බවයි නෙත් නිවුස් ඇමතූ ශ්‍රාවකයින් කිහිප දෙනෙකු පැවසුවේ.
Page 253 of 732