රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත් වුණා. ඒ, සිකුරාදා දිනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි.
ඉන්ධන අර්බුදය හමුවේ පාසල් වසා තැබීම හේතුවෙන් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ හා බස් රථ ගාස්තු මුදල අඩු කරන්නැයි මව්පියන් ඉල්ලීමක් කරනවා.
මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබානොදෙන්නේ නම් අදින් ආරම්භ කරන දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන සඳුදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ ද අද දිනයේදී වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Page 253 of 768