Monday, February 16, 2026
Follow Us
පළමු ගෑස් නැව දින තුනකින් ප්‍රමාද වෙයි

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700ක් රැගෙන හෙට දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ නෞකාව දින තුනක් ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව එම නෞකාව එලඹන 09 වනදා මෙරටට පැමිණෙනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේ.

ලබන 11 සහ 16 යන දින වලදීද ගෑස් රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ලෝක බැංකුවේ සහය ඇතිව ඉදිරි කාල සීමාව තුල ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ගෙන්වීමටයි ලිට්‍රෝ සමාගම පියවර ගෙන ඇත්තේ.

Neth