අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් ලැබෙයි
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ සිට ඩීසල් මෙටි්‍රක් ටොන් 7,500ක් කොළොන්නාව පර්යන්තයට යොමුකර තිබේ.
ඒ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයීම සදහාය.
එමෙන්ම, අද දිනයේ දීත් මුතුරාජවෙල පර්යන්තයෙන් අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ඩීසල් ටැංකි රථ කිහිපයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලබයි.
මේ අතර සතියකට ආසන්න කාලයක් තිස්සේ පවතින නොනවතින ඉන්ධන පෝලිම් තවත් දිගු වී ඇත්තේ ඉන්ධන පැමිණෙන දිනයක් පිළිබඳව නිශ්චිත තොරතුරක් නොමැති පසුබිමකය.
එවන් පසුබිමක ඉන්ධන පිරවුම්හල් අසල නොසන්සුන්කාරී තත්වයන්ද හටගන්නේ, ජනතාව සහ ආරක්ෂක අංශ අතර පවතින උණුසුම් තත්වයන් හේතුවෙනි.
ඉන්ධන පිරවුම්හල් අසල සිදුවන කළහකාරී තත්වයන් පිළිබඳව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද සංවාදයට බදුන් වුණි.
එවන් පසුබිමක තවත් ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ බොරැල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක මෝටර් රථයක් තුල රැදී සිටි අයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඔහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙකි.
ඉන්ධන අර්බුදයත් සමඟ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් වෙළඳ නාවික ලේකම් කාර්යාලය සිකුරාදා දිනවල වසා තැබීමට තීරණය කර තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංගම, පෞද්ගලික බස් රථවල අඩුවක් අද දිනයේ දක්නට ලැබුණු අතර, දුම්රිය ගමන්වාර කිහිපයක් ද අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඉන්ධන අර්බුදය මේ වන විට ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල කර ඇති අතර හිටපු කෘෂි අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න සඳහන් කළේ, ගොවීන්ට ඉන්ධන ලබා දීමට කටයුතු නොකළහොත් ඉදිරියේදි තවත් අර්බුධයක් මතුවිය හැකි බවයි.
Aruna