උද්ධමනය ඉහළ යාමෙන් ජනතාව හාමතේ
ශ්‍රී ලංකාවේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙරට ජනතාවට තුන්වේල ආහාර ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය.
ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිසකගේ ජීවනෝපායද අවදානමට ලක්ව ඇති අතර ආහාර මිල ඉහළ යාම හේතුවෙන් පවුලක සාමාජිකයින් ආහාර ගන්නා වේල් ප්‍රමාණය අඩු කිරීමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමට ශ්‍රී ලාංකික පවුලක් මසකට රුපියල් 93,675 සිට 148,868 මුදලක් ඉපැයිය යුතු බව ආහාර උද්ධමනය ගණනය කිරීමේ විශේෂඥයෙකු වන ආර්ථික විද්‍යාඥ රෙහානා තව්ෆීක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
නමුත් ශ්‍රී ලංකික පවුලක සාමාන්‍ය ආදායම මසකට රුපියල් 76,414 බවත් ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 20 ක් වන දුප්පත් පවුලක මාසික ආදායම රුපියල් 17,572 ක් බවත් නිල දත්ත වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
Aruna