Monday, February 16, 2026
Follow Us
පෞද්ගලික බස්රථ ධාවනය හෙට සිට අවදානමේ

රට තුළ පවතින ඉන්ධන හිගය හේතුවෙන් හෙට දිනයේ සිට පෞද්ගලික බස්රථ ධාවනය අත්හිටුවීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ බස්රථ ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන තොග නොලැබුණ හොත් මගීන් අපහසුතාවට පත්වුවත්, හෙට දිනයේ සියලු පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වීමට සිය සංගමයට සිදුවන බවයි.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය පවසනවා. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට සේවකයින්ට බාධා එල්ල වෙමින් ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කළේ.

NEth