මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වන විට සියයට 60කින් පමණ අඩු වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කලේ රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
ඉකුත් මාර්තු මාසයේදී මෙරටට පැමිණි විදේශිකයින්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 6000ක්. එහෙත් ඉකුත් ජූනි මාසයේ සංචාරකයින් පැමිණීම 32, 856 ක් දක්වා අඩු වී ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ.
ජූලි සහ අගෝස්තු යනු මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන මාස දෙකක්. මෙම කාලය තුළ එළෙස පැමිණෙන සංචාරකයින් මෙරට නැගෙනහිර මුහුදු බඩ ප්‍රදේශයේ වැඩි වශයෙන් සංචාරයේ නිරත වනවා. ඊට අමතරව අගෝස්තු මාසයේදී සංචාරකයින් මහනුවර ප්‍රදේශයේද වැඩි වශයෙන් සංචාරය කිරීමට පුරුදුව සිටින බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ.
එහෙත් පවතින තත්ත්වය හමුවේ මෙරට සංචාරක හෝටල්වල පෙර වෙන්කරවා ගැනීම් සියයට 40 ක් පමණ මේවනවිට විදෙස් සංචාරකයින් විසින් අවලංගු කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
Neth