Sunday, December 28, 2025
Follow Us
රටපුරා එළවළු හිඟයක් ඇතිවීමේ අවදානමක්

එළවළු නිෂ්පාදනය සියයට 70 කින් වැටිලා


රටේ සමස්ත එළවළු නිෂ්පාදනය සියයට 70 න් පමණ පහළ ගොස් තිබේ. සැපයෙන තොග රට පුරා බෙදා හැරීම කඩා වැටීමෙන් රටපුරා එළවළු හිඟයක් ඇතිවීමේ අවදානමක් හට ගෙන තිබෙන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳ සංගමයේ තොග වෙළෙන්දෝ පෙන්වාදෙති.

ඒම සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ඊයේ ( 03වැනිදා) “ අරුණ ට පැවැසුවේ ඊයේ දිනයේදී ද රටපුරා තොග වෙළෙඳළෙට එළවළු සැපයුම සියයට 70ක් පහළ වැටී තිබෙන බවය. කාබනික/කොම්පෝස්ට් සහ ගොම පොහොර යොදා කළ ගොවීන්ගේ එළවළු වගාවේ අස්වනු සැපයීමට නොහැකිව ගොවිබිම්වල විනාශයට පත්වන බව හෙතෙම පැවැසීය.

මෙරට ගොවි පවුල් ලක්ෂ 30ක් පමණ එළවළු වගාවෙන් ජීවත්වන්නේ යැයි පැවැසූ සභාපතිවරයා මේ වනවිට ගොවි පවුල් ලක්ෂ 26ක් පමණ වගාවෙන් ඉවත්වී සිටින බව පැවැසීය.

Aruna