ඉදිරියේදී දුම්රිය ගමන්වාර අවලංගුවීම් හෝ ප්‍රමාදවීම් ඉහලයා හැකි බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා. එහි සභාපති නීතීඥ කේ ඒ යූ කොන්තසිංහ පැවසුවේ රාජකාරිවලට වාර්තා කිරීමේදී දුම්රිය රියදුරන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතවනු ඇති බවයි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වරායේ සිට රට තුළට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඉන්ධන තමන්ට නොලැබීම හේතුවෙන් මේ වනවිටත් එම භාණ්ඩ බෙදාහැරීම බස්නාහිර පළාතට පමණක් සීමා වී ඇති බව සමස්ත ලංකා වරාය ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහනකරුවන්ගේ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග බත් පැකැට්ටුවක සහ අනෙකුත් ආහාරවල මිල සියයට 10 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා. එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ ආහාර පිසීමට යොදා ගන්නා ආහාරද්‍රව්‍ය වල මිල ඉහළ යාම මෙලෙස බත් පැකැට්ටුවක හා අනෙකුත් ආහාරවල මිල ඉහළ දැමීමට හේතු වූ බවයි.
සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා කොරෝනා වසංගතය පැවැති සමයේ ක්‍රියාත්මක කළ පොදු ප්‍රවාහන සේවාව යළි ආරම්භ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. තම පෞද්ගලික රථවාහනවලින් සේවයට වාර්තා කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.
The three wheeler fare for the second kilometre has been increased to Rs. 90 from today, the All-Island Three-Wheeler Drivers' Union President Lalith Dharmasekera said.
කැළණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තිස් දෙහැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
තවදුරටත් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීම නිශ්ඵල ක්‍රියාවක් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.
ඉන්ධන මිල ඉහළ යෑම සහ ජුලී මස 01 වෙනිදාට යෙදී ඇති ගාස්තු සංශෝධනයට අනුව හෙට සිට බස් ගාස්තු 35% කින් ද, අවම බස් ගාස්තුව රු.40ක් දක්වා ඉහළ දැමිය යුතු යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යෝජනා කර සිටිනවා.
Page 219 of 732