Wednesday, July 08, 2026
Follow Us
කැලණියේ වෙඩි තැබීමක්

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු මරුට


කැලණිය, පට්ටිය හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙක්ට මෙලෙස වෙඩි තබා ඇත.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පැවසීය.

කැලණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Aruna