අධිකරණයට ඉදිරිපත් කෙරුණු රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
සිමෙන්ති අතිරික්තයක් මෙරට තුළ පවතිද්දී ද සිමෙන්ති ආනයනය කිරීමට රජය අවස්ථාව ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනආරච්චි පැවසුවේ සිමෙන්ති මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක වීම හේතුවෙන් එලෙස සිමෙන්ති ආනයනය කරන බවයි.
වැලිගම නගර සභාවට අයත් උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට අනවසරයෙන් ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනෙකු දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා රක්‍ෂක අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා.
පසුගිය ජුලි 09 වනදා අයුතු ලෙස අරලියගහ මන්දිරයට ඇතුළු වී දේපළ හානි කිරීම සම්බන්ධයෙන් තවත් තිදෙනෙකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය ධුරය යළි වෙනස් කිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන 06 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
Page 220 of 768