Wednesday, February 18, 2026
Follow Us
සිරකරුවන් 417 දෙනෙකුට නිදහස

ජාත්‍යන්තර සිරකරු සුබසාධන දිනයට සමගාමීව බන්ධනාගාරගත සිරකරුවන් 417 දෙනෙකුට නිදහස් කර තිබෙනවා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවැරි ඇති බලතල ප්‍රකාරව විශේෂ රාජ්‍ය සමාවක් යටතේ එම සිරකරුවන් නිදහස් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එලෙස නිදහස් කර ඇත්තේ දඩ මුදල් ගෙවීමට නොහැකිවූ සහ සුලු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි සිරකරුවන් 417 දෙනෙක්. නිදහස හිමිවූ එම පිරිස අතර කාන්තා රැඳවියන් සිව් දෙනෙකු ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Neth