Wednesday, July 08, 2026
Follow Us
මව් කිරි සිරවීමෙන් බිළිඳෙකු මරුට

හොරොව්පතාන කම්පාවට පත් කළ මරණය


මව් කිරි පිට උගුරේ යාමෙන් වයස මාස එක හමාරක බිළිඳකු මියගොස් ඇතැයි හොරොව්පතාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පතාන මොරකෑව ප්‍රදේශයේ පදිංචිව නිපුල සංචන නැමැති බිළිඳෙකි.

රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ දරුවා මව් කිරි බොමින් සිටියදි මවුකිරි සිරවී ඇති බවයි.

ඒ මොහොතේම දරුවා හොරොව්පතාන රෝහලට රැගෙන ආ බවත්, ඒ වන විටත් දරුවා මියගොස් සිටි බවත් රෝහල් ප්‍රකාශකයා පැවසීය.

Aruna