Wednesday, December 31, 2025
Follow Us
යළිත් ඉන්ධන අර්බුදයක් ඇතිවෙයි ?

තෙල් සංස්ථාව මහ බැංකුව සමග සාකච්ඡා

මුදල් ගෙවීමට නියමිත ඉන්ධන නෞකා තුනක් කොළඹ වරාය ආසන්නයේ දින 14 කට ආසන්න කාලයක් තිස්සේ රැඳී සිටින බව බලශක්ති අමාත්‍යංශය කියා සිටි.

එහි ප්‍රකාශකයෙකු අරුණ කළ විමසුමකදී පැවසුවේ මෙම ඉන්ධන නෞකා සඳහා ඩොලර් මිලියන එකසිය පනහකට ආසන්න මුදලක් ගෙවීමට සිදුව ඇති බවය. එම මුදල් රැස්කර ගැනීම සඳහා දැනටමත් තෙල් සංස්ථාව මහ බැංකුව සමග සාකච්ඡා කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

නමුත් නිශ්චිත වශයෙන් එම නෞකා නිදහස් කරගන්නා දිනයක් පිළිබඳව කිව නොහැකි බව ඔහුගේ අදහස වේ.

ඩීසල් මෙට්‍රික් ටොන් තිස් හත්දාහක් රැගත් නෞකා දෙකක් සහ දැවිතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් මෙලස වරාය ආසන්නයේ රැඳී සිටි.

Aruna