Wednesday, December 31, 2025
Follow Us
ක්‍රීඩකයින්ව හංවඩු ගැසීම මුලින්ම නතර කරන්න – දසුන් ශානක

ක්‍රිකට් උඩට ඒමට එක හේතුවක් මහේල ජයවර්ධන


තරඟයක් පැරදුනු විට ක්‍රීඩකයින්ව හංවඩු ගැසීම මුලින්ම නතර කල යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පවසනවා.

එමෙන්ම 20 යි 20 ලෝක කුසලාන තරගයේදී මහේල ජයවර්ධන කණ්ඩායමට උපදේශකයෙක් ලෙස එක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළා

ඒ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව පැවසීය.

ඒ අනුව ඔක්තෝබර් මස 02 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන අතර 06 වනදා මහේල ජයවර්ධන ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව ඇත.

එතැන් පටන් තරගාවලියේ අවසානය දක්වා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටින බවද ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ක්‍රිකට් උඩට ඒමට එක හේතුවක් මහේල ජයවර්ධන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පවසනවා

Aruna