ඔක්තෝබර් 20 වනදා විට අවශ්‍ය ගල් අඟුරු නොරොච්චෝලේ බලාගාරය කරා ගෙන ඒමට නොහැකි වුවහොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවිය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා අනතුරු හඟවයි.
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 85 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව විසින් මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද සිදුකළ මුර සංචාරයක් අතරතුරදීයි.
ඉන්ධන නැව් 4ක් සඳහා ගෙවීම් කිරීමට මුදල් නොමැති වීමෙන් ගැටලුවක් පැන නැඟී ඇති බව වාර්තා වේ.
එල්ලවී ඇති චෝදනා නිත්‍යානුකුලව නිරාකරණය කරන තෙක් ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයුම් සිදු කිරීමට නොහැකි බවට සැපයුම්කරුවන් දැනුම්දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ළහිරු වීරසේකරට මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා. ඔහු රුපියල් ලක්ෂ දෙකක පුද්ගල ඇපයක් මත මුදාහරින ලෙසයි මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
විදුලි, ජල ගාස්තු සහ බදු ඉහළ දැමීම හමුවේ ඉදිරියේදී කුකුල් මස් මිල යළි ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ පිරිවැය වියදම ඉහළයාම මත බිත්තර සඳහා පාලන මිලද ඉවත් කර ගැනීම සඳහා විෂය භාර අමාත්‍යවරයා හෙට දිනයේ හමුවී සාකච්ඡා කරන බවයි.
Page 218 of 768