Wednesday, December 31, 2025
Follow Us
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට

23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. ඒ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදීයි.

අද සිට දින දහයක්, පෙරවරු නවයේ සිට රාත්‍රී හත දක්වා එම ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පැවසූවේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කුටියක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ස්ථාපිතයි. ඒ පිළිබද තොරතුරු නෙත් විශේෂ නියෝජිත සඳරුවන් බටගොඩගේ.

Neth