Wednesday, February 18, 2026
Follow Us
මුදල් ගෙවීමට නොහැකිව ඉන්ධන නැව් 3ක් මුහුදේ

යළිත් ඉන්ධන පෝළිම් ඇති වෙයි ?


ඉන්ධන නෞකා තුනකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවට තොරතුරු වාර්තා වේ.

බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද පස්වරුවේ පැවසුවේ ඩීසල් නෞකා දෙකක් සහ බොරතෙල් නෞකාවක් එලෙස මෙරට මුහුදු සීමාවේ නතර කර ඇති බවයි.

බොරතෙල් නෞකාව අගෝස්තු මස 23 වැනිදා කොළඹට ළගාවූ අතර ඩීසල් නෞකා දෙක මේ මස 4 සහ 7 යන දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගා වී ඇත.

එම නිලධාරියා සදහන් කළේ එක් නෞකාවකට මුදල් අර්ධ වශයෙන් ගෙවා ඇති බවයි.

Aruna