Wednesday, December 31, 2025
Follow Us
මහේල, ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක් වෙයි

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

මෙම කරුණු ආනාවරණ කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීයි. මහේල ජයවර්ධන, මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 16 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය ඩොලර් මිලියන 40 ක් හෙවත් රුපියල් කෝටි 1,400 අධික මුදලක් රැස්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙහිදී පැවසුවා.

 

Neth