The interim bus fare revision after the recent fuel price increase, will be announced today, the National Transport Commission (NTC) said.
ලබන සඳුදා (04) සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක තුනකදී ලබාගැනීමට හැකිබව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.
මෙරට සිදුවන අනතුරුවලින් වසරකට පුද්ගලයින් 12,000 ක් මියයන බව පොලීසිය පවසනවා. රථවාහන, පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසුවේ එලෙස අනතුරුවලින් මියයන සංඛ්‍යාවෙන් 3,000 ක් පමණ මිය යන්නේ මාර්ග අනතුරු හේතුවෙන් බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත් වුණා. ඒ, සිකුරාදා දිනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි.
ඉන්ධන අර්බුදය හමුවේ පාසල් වසා තැබීම හේතුවෙන් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ හා බස් රථ ගාස්තු මුදල අඩු කරන්නැයි මව්පියන් ඉල්ලීමක් කරනවා.
මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබානොදෙන්නේ නම් අදින් ආරම්භ කරන දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන සඳුදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ ද අද දිනයේදී වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Page 217 of 732