පවතින නොසන්සුන්තා සහ ඩීසල් හිගය හේතුවෙන් බස් රථ ධාවනයට අද දිනයේද බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් සියයට 10 ක පමණ බස් රථ ප්‍රමාණයක් පමණක් අද දිනයේ ධාවනයට එක් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.
ස්ථාවර ආණ්ඩුවක් නුදුරේදීම ඇති නොවුන හොත් රට වසා දැමීමකට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු අඟවා ඇති බව BBC ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ මේවනවිට පවතින මහජන විරෝධතා සහ නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ මෙරට සංචාරක ක්ෂේත්‍රයට තවදුරටත් බලපෑම් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඊයේ (13) බත්තරමුල්ල, පොල්දූව මං සන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් පොලිස් නිලධාරියෙකුට සහ හමුදා නිලධාරියෙකුට පහරදී ටී 56 ගිනිඅවියක් සහ උණ්ඩ 60ක් පැහැරගෙන ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අඩපණ බව හැඟවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ආරෝෂණය කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමු වී තිබෙනවා.
හදිසි නීතිය පැනවීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි ඕනෑම පුරවැසියකුට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව පවතින බව නීතිවේදීන් පවසනවා. නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම පැවසුවේ රට තුළ පනවා ඇති හදිසි නීතිය දින 10ක් තුල පාර්ලිමේන්තුවේදී සම්මත නොකළහොත් එය දින 14ක් තුළ ඉවත් වන බවයි
ගාලු මුවදොර අරගල භූමියේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්ව හේතුවෙන් රටේ ආරක්ෂාවට මෙන්ම මහජන ජීවිතය ද දැඩි තර්ජනයට පත්ව ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසනවා.
Page 217 of 739