එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.
23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. ඒ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදීයි.
අතරමග නවතා දැමූ විදුලි වැට ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කර එය ලබන වසරේ ජූනි මාසයට පෙර අවසන් කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 124 දෙනෙකු ඊයේ දිනයේදී දෙවන බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබෙනවා.
අත්විඳින දැවැන්ත මුල්‍ය අලාභය හේතුවෙන් තවදුරටත් ආයතනය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් විදුලි ගාස්තු සැළකිය යුතු අන්දමකින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය පසුගියදා තීරණය කළේය.
ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ආයතන සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවට ඊයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති, ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ හදිසි මිලදී ගැනීම් හරහා හෝ රටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.
ඉකුත් මාස 8 තුළ වෛද්‍යවරුන් 500 කට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
Page 216 of 768