අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් වර්ග 10 ක තොග තවත් සතියකින් අවසන්වීමට නියමිතව තිබෙනවා. ඉන් එක් එන්නතක් වන්නේ ජලභීතිකාව හෙවත් පිස්සු බලු රෝගයට ලබාදෙන “රේබීස්” නම් එන්නතයි. මෙම එන්නත සියලු රෝහල්වල පාහේ භාවිතයට ගැනෙනවා. එය මෙරටට අත්‍යවශ්‍යම එන්නතක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
සක්‍රිය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශවලට අනුව ඊට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස රිට් ආඥා නිකුත් කරන්නැයි ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
As the fuel shortage has sent the country into a lockdown situation, people, particularly those in Colombo and the suburbs, are facing a risk of losing access to food and other essential stuff, with the retailers struggle to restock their shelves on time, as they scramble to refuel their delivery fleets.
Page 216 of 732