ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අද අලුයමද දිගු පෝලිම් දක්නට ලැබුණා. පිරවුම්හල් වසා තිබුණද කුමන හෝ වේලාවක ඉන්ධන ලබාගැනීමේ අරමුණින් බොහෝ පිරිසක් පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්වල දින කිහිපයක සිට අඛණ්ඩව රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් පවතින සුළං තත්ත්වය අද දිනයේත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකියි.
රට තුළ පවතින ඉන්ධන හිගය හේතුවෙන් හෙට දිනයේ සිට පෞද්ගලික බස්රථ ධාවනය අත්හිටුවීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ බස්රථ ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන තොග නොලැබුණ හොත් මගීන් අපහසුතාවට පත්වුවත්, හෙට දිනයේ සියලු පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වීමට සිය සංගමයට සිදුවන බවයි.
ඩීසල් හා පෙට්ට්‍රල් රැගත් නෞකා 03ක් ඉදිරි කාල සීමාවේදී මෙරටට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. එම එක් නෞකාවක් ජුලි මස 13 සහ 15 යන කාලසීමාව අතරතුර මෙරටට පැමිණීමට නියමිත බවයි එම සමාගම පැවසුවේ.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වන විට සියයට 60කින් පමණ අඩු වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කලේ රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
මෙරටට පැමිණෙන පළමු ගෑස් තොගය බෙදාහැරීම ලබන 07 වනදා සිට ආරම්භ කිරීමට නව වැඩපිළිවෙළක් සකසා ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක ගෑස් තොගයෙන් මෙට්ට්‍රික් ටොන් 30,000 ක පළමු කොටසෙන් මෙටි්‍රක් ටොන් 3,700 ක් ලබන 05 වනදා මෙරටට ලගාවීමට නියමිත බවයි.
Page 215 of 732