Thursday, February 19, 2026
Follow Us
ආසියානු කුසලානයට යන කාන්තා ක්‍රිකට් පිල නම් කරයි

තරගාවලිය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ඇරඹෙයි


ඔක්තෝබර් මස 01 වැනිදා සිට බංග්ලාදේශයේදී ආරම්භවන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම්කර තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, මලයාසියාව, පාකිස්තානය, තායිලන්තය සහ එක්සත් අරාබි එමීරය මේ සඳහා සහභාගි වේ. එහිදී එක් කණ්ඩායමකට සෙසු සෑම කණ්ඩායමක් සමගම මූලික වටයේදී තරග වැදීමට සිදුවේ. තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තෝබර් 15 වැනිදාට යෙදී තිබේ.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, කෞව්ෂිණී නුත්‍යාංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි

Aruna