Friday, April 10, 2026
Follow Us
රිජ්වේ ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ට ආහාර ලබාදීමේ ගැටලුවක් ද පවතීද ? රෝහල් අධ්‍යක්ෂක පිළිතුරු දෙයි

ඖෂධ හිගය සම්බන්ධයෙන් රට තුල දැඩි කතාබහක් මතුව ඇති පසුබිමක බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ට මෙන්ම මව්පියන්ට ප්‍රමාණවත් ආහාර නොමැති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය අදහස් පළ කළා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රෝගීන්ට අඛණ්ඩව ආහාර ලබා දෙන බවයි. ඇතැම් පිරිස් ඉකුත් දිනවල ප්‍රකාශ කළේ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ට මෙන්ම මව්වරුන්ට නිසි ලෙස ආහාර නොලැබෙන බවයි. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය.

රිජ්වේ ආර්යා ළමා රෝහලට ආහාර ලබා දීමට කැමති පාර්ශ්වයන්ගෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයා මෙහිදී ඉල්ලීමක් ද කළා.

Neth