Wednesday, December 31, 2025
Follow Us
පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

පවුල් ආරවුල මරණයෙන් කෙළවර වෙයි


අකුරැස්ස ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දියණිය සහ බෑනා අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීම හේතුවෙන් බෑනා විසින් ඊයේ (17) රාත්‍රී මෙම පුද්ගලයාට පහරදීම සිදුකර ඇති බවය පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 66 හැවිරිදි ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තා වේ.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Aruna