Thursday, February 19, 2026
Follow Us
ගුරුවරුන් බරපතල ගැටළුවක

ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම


ගුරුවරුන්ගේ ප්‍රවාහන වියදම් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

දුෂ්කර ප්‍රදේශවල ගුරුවරුන් දෛනික ප්‍රවාහන වියදම් දැරීමට නොහැකි මට්ටමකට පත්ව සිටීම මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට හේතු වී ඇත.

මෙම ඉල්ලීම ඉදිරිපත් කරන එම සංගමයේ අපේක්ෂාව වන්නේ පාසල්වලට පැමිණීම සඳහා දෛනිකව රුපියල් දහසකට වැඩි මුදලක් දරන ගුරුවරුන්ට ප්‍රවාහන දීමනාවක් අමාත්‍යාංශයෙන් ලබා ගැනීම ය.

නගරාශ්‍රිතව කෙසේ වුව ද දුෂ්කර ප්‍රදේශයන්හි ගුරුවරුන්ට පාසල් පැමිණීම සඳහා දෛනිකව විශාල මුදලක් වැය කිරීමට සිදු වන බවත් එය දරා ගත නොහැකි මට්ටමක පවතින බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් ජොශප් ස්ටාලින් කීවේය.

Aruna