Wednesday, February 18, 2026
Follow Us
ඉන්ධන මිල සූත්‍රය ගැන ප්‍රකාශයක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළයුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙරට සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන බව විෂයභාර අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළ බව එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.

ඒ අනුව අමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි මිල සූත්‍රය ක්‍රියාත්මක කළයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna