ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්වල පැවැති ලෝක විවාහක රූ රැජින 2026 තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසාෆ් හිමිකර ගෙන තිබේ.
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත අද (01) සිට යළි විවෘත කර තිබේ.
මේවන විට SMS පණිවිඩ සහ ඔන්ලයින් පණිවිඩ ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් පත් අත්හිටුවා ඇති බව සදහන් පණිවිඩ එවමින් වංචාකාරී ලෙස මුදල් පැහැර ගැනීමේ ජාවාරමක් පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
මධ්‍යම කඳුකරය ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට නව අධිකාරියක් පිහිටුවනවා
නවීන ඩිජිටල් උපකරණ හැසිරවීම සහ ඒවා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් සැලසුම්කරණයක් පාසල් පද්ධතිය තුළ නිර්මාණය කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අපේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
වනජීවී දෙපාර්තමේන්තුවට සිවිල් ආරක්ෂක බළකායේ භටයන් 5,000ක පමණ පිරිසකුත්, ශ්‍රී ලංකා පොලීසිය වෙත සිවිල් ආරක්ෂක බළකායෙන් භටයන් 10,000ක පමණ පිරිසකුත් අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් 2026 වර්ෂයේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 310,000 පිරිසක් පිටත් කිරීමට ඉලක්ක කර ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.
කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර, අගලවත්ත මුලික රෝහලේ සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් ඊයේ (30) සිදු කෙරිණි.
කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එංගලන්තයට එරෙහි අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට පවන් රත්නායක සමත්විය.
2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) සිදු කෙරේ.
වනජීවී කළමනාකරණ ක්ෂේත්‍රයේ නැගී එන අභියෝග සහ නව්‍ය විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශීය හා විදේශීය පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සංරක්ෂණවේදීන්ගේ සහභාගීත්වයෙන් WILD LANKA ජාත්‍යන්තර විද්‍යාත්මක සම්මන්ත්‍රණය අද (26) බත්තරමුල්ල, වෝටර්ස් එජ් (Water’s Edge) පරිශ්‍රයේදී ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්වල පැවැති ලෝක විවාහක රූ රැජින 2026 තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසාෆ් හිමිකර ගෙන තිබේ.
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
පසුගිය දිනවල මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගෙන යනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කුරුණෑගල වෛදවරුන්ගේ සායනික සංසදය විසින් අද (26) රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදෙනු ලැබීය.
Page 8 of 744