Saturday, August 22, 2026
Follow Us
ආචාර්ය නන්දා මාලනිය දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී මහත්මිය අද(22) පස්වරුවේ දැයෙන් සමුගත්තාය.

ඇයගේ අවසන් කැමැත්තට අනුව කිසිදු උත්සව සභාවකින් තොරව දේහය ආදාහනය කටයුතු සිදු සංවිධානය කර තිබිණි.

විශාල පිරිසක් අවසන් ගෞරවය දැක්වීමට පැමිණි සිටි අතර ඇයගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ආදාහන කටයුතු සිදු කෙරිණි. 

පසුගිය 20 වැනිදා නාවල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ නන්දා මාලිනී මහත්මිය මියයන විට 82 වැනි වියේ පසුවූවාය.