2026 ජූලි මාසයට අදාළව, වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් හෙට (2026 ජූලි 31) සිට අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජෝර්ජ් කීට් පදනම සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ "19th Century Views of Ceylon" චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (30) බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ නිල නිවස වන වෙස්ට්මින්ස්ටර් හවුස්හිදී එක් වූවාය.
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම මෙන්ම නාවල – නාරාහේන්පිට දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් ඉක්මනින් ළඟාවීමේ අරමුණින්, යතුරුපැදි පාදක කරගත් නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් (Motorcycle-based emergency medical response service) හඳුන්වා දීමට 1990 සුව සැරිය පදනම තීරණය කර තිබේ.
"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ජාතික සුපිලිපන් සතිය වෙනුවෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ "වී-ප්‍රමිති" (V-Pramithi) ජාතික වැඩසටහන දියත් කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (28) පිටකොටුව පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක සිට පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර පරිසර හිතකාමී විසඳුමක් ලෙස උණ බම්බු යොදානිමින් ‘ජෛව වැට’ (Bio-fence) ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පර්යේෂණාත්මක සහාය ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබේ.
කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදට (26) යෙදී තිබේ.
මෙවර එහි තේමාව, තිරසර නිල් ආර්ථිකයක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිරෝගී කඩොලාන පරිසරයක් යන්නයි.
වත්මන් ආණ්ඩුව යටතේ හෙක්ටයාර් 66,000 කට අධික ප්‍රදේශයක් ආවරණය වන පරිදි වන රක්ෂිත කලාප 94 ක් ප්‍රකාශයට පත්කර ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසයි.
Page 9 of 768