Wednesday, August 12, 2026
Follow Us
 ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි ප්‍රදානෝත්සවයට අයදුම්පත් කැඳවයි
ශ්රී ලංකා ප්රාචීන භාෂෝපකාර සමාගමේ 2017 (2018) විභාග වර්ෂයේ සිට 2023 (2024) විභාග වර්ෂය දක්වා කාල සීමාව තුළ ප්රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණය සමත් වූවන් සඳහා උපාධි ප්රදානෝත්සවය 2026 වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
අදාළ කාල පරිච්ඡේදය තුළ ප්රාචීන පණ්ඩිත උපාධිය සම්පූර්ණ කළ විද්යාර්ථීන් www.osse.edu.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන ලෙසයි සඳහන් කර තිබෙන්නේ .
2026 අගෝස්තු 31 මධ්යම රාත්රියෙන් ලියාපදිංචිය අවසන් වේ.