Tuesday, August 18, 2026
Follow Us
නීතිවිරෝධී සත්ත්ව ඖෂධ කිලෝග්‍රෑම් 1,090ක් විනාශ කරයි
රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් නීතිවිරෝධී සත්ත්ව ඖෂධ කිලෝග්රෑම් 1,090ක් විනාශ කර තිබේ.
සතුන් ඇති කරන, ගොවිපළ පවත්වාගෙන යන සහ සත්ත්ව නිෂ්පාදන භාවිත කරන පාරිභෝගිකයින්ගේ විශේෂ අවධානයටයි මේ පණිවිඩය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව (DAPH) එක්ව පසුගියදා (09) සිදුකළ විශේෂ ඒකාබද්ධ වැටලීමකදී, නිසි ප්රමිතියෙන් තොර සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොතිබූ නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් සොයා ගෙන තිබේ.
මෙම ඖෂධ තොගයේ සම්පූර්ණ බර කිලෝග්රෑම් 1,090ක් වන අතර, එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්නය.
මෙවැනි නිසි ප්රමිතියෙන් තොර ඖෂධ සතුන්ට ලබාදීම සතුන්ගේ සෞඛ්යයට හා ජීවිතයට පමණක් නොව, එම සතුන්ගෙන් ලබාගන්නා මස්, කිරි, බිත්තර වැනි සත්ත්ව නිෂ්පාදන පරිභෝජනය කරන ජනතාවගේ සෞඛ්යයටද අවදානමක් ඇති කළ හැකිය. මෙම සිද්ධිය සත්ත්ව රෝග පනතේ 17 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස ද අනාවරණය විය
අදාළ නිෂ්පාදකයා කැඳවා කරුණු විමසීමේදී ඔහු වරද පිළිගෙන ඇති අතර, අදාළ ඖෂධ නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කර බෙදාහැරීමට කටයුතු කළ බව සඳහන් කරමින් දිවුරුම් ප්රකාශයක්ද ලබාදී ඇත.
 
අනතුරුව අ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහ DAPH නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, කෙරවලපිටිය සායනික අපද්රව්ය විනාශ කිරීමේ පරිශ්රයේදී රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් කිලෝග්රෑම් 1,090ක සම්පූර්ණ ඖෂධ තොගය විනාශ කිරීමට කටයුතු කරන ලදී. මෙම ඖෂධ තොගය විනාශ කිරීම සඳහා වූ සම්පූර්ණ වියදමද අදාළ නිෂ්පාදකයා විසින් දරා ඇත.
 
සුරතල් සතුන්ට හෝ ගොවිපළේ සතුන්ට ඖෂධ, විටමින් හෝ සත්ත්ව ආහාර මිලදී ගැනීමේදී අදාළ DAPH ලියාපදිංචිය තිබේදැයි පරීක්ෂා කිරීම , නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය පිළිබඳවත් සැලකිලිමත් වීම හා නිසි තොරතුරු සහිත, නියමිත ප්රමිතීන්ට අනුකූල නිෂ්පාදන පමණක්