ඵෙතිහාසික මහනුවර ඇසළ මංගල්යයේ තුන්වැනි කුඹල් පෙරහර අද වීදී සංචාරය කිරීමට නියමිතයි.
පෙරහර ආරම්භ කෙරෙන්නේ අද පස්වරු 6.53 ට යෙදෙන සුභ මොහොතින්.
දෙවැනි කුඹල් පෙරහර ඊයේ ආරම්භ කෙරුණේ පස්වරු 6.41 ට යෙදුණු සුභ මොහොතින්.
නාථ, විශ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහරද අලි ඇතුන් ඇතුලු සංස්කෘතිකාංග සමගින් ඊයේ දෙවැනි කුඹල් පෙරහර වීදි සංචාරය කළා.