Tuesday, August 18, 2026
Follow Us
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වෙයි

ශ්‍රී ලංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ කලා ක්ෂේත්‍රයට අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ යතිවරයෙක්, සම්මානනීය ගේය පද රචකයෙක්, මෙන්ම ග්‍රන්ථ කතුවරයෙක් වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අද (18) අපවත් වී වදාළහ.

1950 මැයි 22 මාතර, දෙණියාය, රඹුකන ග්‍රාමයේ උපත ලැබූ උන්වහන්සේ  මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසල, ගාල්ල හෙට්ඨාචල පිරිවෙන සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන යන පිරිවෙන්වල අධ්‍යාපනය ලැබූහ.

    කලාත්මක සහ සාහිත්‍යමය විශාල මෙහෙවරක් සිදු කළ උන්වහන්සේ "ලා දළු බෝ පත්", "මේ ඉර හඳ යට", "බුදු හාමුදුරුවෝ අපිත් දකින්න ඇති", "අව්වට වැස්සට හුරු මිනිසුන්නේ", "සඳ තරු මල්", "පන්සලේ පල්ලියේ", "සංසාරේ අපි" ඇතුළු ජනප්‍රිය මෙන්ම බෞද්ධ ශ්‍රද්ධා භක්තිය වඩවන ප්‍රකට ගීත නිර්මාණ ගීත රැසක් උන්වහන්සේගේ අතින් රචනා විය

    'සංසාරේ අපි', 'ගම්මානේ අපි', 'සමනල කන්ද', 'සංසාරේ ගී යාතිකා', 'බුදු අමා වැස්ස' සහ 'සංසාර චාරිකා' වැනි කැසට් සහ සංයුක්ත තැටිවලින් අර්ථවත් ගීත එකතු රැසක් උන්වහන්සේ සමාජගත කළහ.

    'සඳකඩපහණ' චිත්‍රපටයේ පෙර සංසාරේ ගීතය වෙනුවෙන් සරසවිය සම්මානයෙන්ද, 'අලෝකෝ උදපාදී' චිත්‍රපටයේ සැඩ පහරක් සේ එකමුතු වූ දා ගීතය වෙනුවෙන් දෙරණ සිනමා සම්මානයෙන්ද උන්වහන්සේ  පිදුම් ලැබූහ.