Wednesday, August 19, 2026
Follow Us
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද
මහනුවර ඇසළ පෙරහැර මංගල්යයේ දෙවන කුඹල් පෙරහර අද (19) රාත්රී වීදි සංචාරය කිරීමට නියමිතයි.

 

රාත්රී 06.41 ට උතුරු දිශාභිමුඛව පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත අතර ශ්රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමඟින් පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම සිදුවේ.
 
පළමු කුඹල් පෙරහර ඊයේ (18) රාත්රී වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඬුව වැඩම කරන ලද්දේ ශ්රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා ඇතු විසිනි . කෝට්ටේ රජ මහා විහාරයට අයත් කෝට්ටේ රාජා සහ ශ්රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් මියන්රාජා ඇතුන් දෑලේ ගමන් ගත්හ.
 
දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පළමු කුඹල් පෙරහරෙහි ගමන් ගත් අතර පෙරහර නැරඹීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.