බණ්ඩාරගම පොලිස් වසමේ කැලේකඩේ පාර ප්‍රදේශයේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (15) සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී මත්පැන් ලීටර් 562 (බෝතල් 750) ක් හා ගෝඩා ලීටර් 4094 (බැරල් 26) ක් හා මත්පැන් පෙරීමට ගන්නා තඹදඟර 04ක්, වතුර මෝටර් 02ක්, ගෑස් සිලින්ඩර් 07ක් ඇතුළු උපකරණ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 40 ක් වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.